Nc Astronomy public
[search 0]
More
Download the App!
show episodes
 
Loading …
show series
 
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup ගණනාවක් ආරම්භ කර ඇති බිමන් මෙම සංවාදයේදී නව නිපැයුම්…
  continue reading
 
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාල…
  continue reading
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳවත් සාකච්ඡා කෙරේ. එමෙන්ම ස…
  continue reading
 
මොරටුව ආතර් සී ක්ලාර්ක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා සමග කෙරෙන සංවාදය. මෙහිදී දැනට එම ආයතනයේ සිදුවන පර්යේෂණ ගැන, විශේෂයෙන් සුර්ය විදාරණ රේඩියෝ තරංග ඇසුරෙන් නිරීක්ෂණය, තාරකා වල අසමමිතික ප්‍රසාරණ ඇසුරින් එහි අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීම, වෙනත් තරු වටා යන ග්‍රහ පද්ධති සොයාගැනීම, ආදිය මෙන්ම ලංකාවේ පාසල් සිසුන් හා මහජ…
  continue reading
 
අධි වෝල්ටීයතා ඉංජිනේරු තාක්ෂණය හා අධි වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබද ලොව ප්‍රවීනතම විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් සමග සංවාදය. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ විට්ස් සරසවියේ මහාචාර්ය ධුරයක් දරන අතර එහි අධි වෝල්ටීයතා ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරයි. මෙම සංවාදයේදී අපි අවධානය යොමු කරන කරුණු අතර විද්‍යාඥයෙකු ලෙස සාර්ථක වීමට කල යුතු දේ, ලං…
  continue reading
 
පරිණාමික ජෛව විද්‍යාඥයෙක් සහ සත්ව විද්‍යාඥයෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ CSIRO ආයතනයේ පර්යේෂණ කරන ආචාර්ය රුචිර සෝමවීර සමග සංවාදය. ඔහු උරගයින් (විශේෂයෙන් කිඹුලන් සහ මුහුදු සර්පයින්) පිලිබඳ විශේෂඥයෙක් වන අතර ලොව පුරා රටවල් ගණනාවක උරගයින්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කරමින් සිටියි. විද්‍යා සන්නිවේදකයෙකුද වන ආචාර්ය සෝමවීර ලෝකයේ ප්‍රමුඛම විද්‍යා නාලිකාවක් වන Nat…
  continue reading
 
John Keells ආයතනයේ පර්යේෂණ අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය මුදිත සෙනරත් යාපා සමග කෙරෙන සංවාදය. ඔහු පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්ද ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබාගෙන ඇත. ඔහු 2012 වසරේ දී ජෝන් කීල්ස් ආයතනයේ පර්යේෂණ අංශයේ ආරම්භක පර්යේෂකයෙකු ලෙස සම්බන්ධ වී දැනට ලංකාවේ කර්මාන්ත අංශයේ ආයතන වල විද්‍යාත්මක බු…
  continue reading
 
වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ m…
  continue reading
 
නැනෝ තාක්ෂණය, උසස් තාක්ෂණය (advance technology), හා ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම පිලිබඳ පර්යේෂණ කරන සහ ඒ අංශ වල කාර්මික නව නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමට කැපවී සිටින ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසායණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ සමග සංවාදය. ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධානි තනතුර දරන අතර විද්‍යාව සම්බන…
  continue reading
 
කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් සොයාගෙන නේචර් ජර්නලයේ කවරයේ පුවත ලෙස එය පළකළ ආචාර්ය රංග ඩයස් සමග කෙරෙන සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ රොචෙස්ටර් සරසවියේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන අතර ලෝහමය හයිඩ්රිජන් සහ සුපිරි සන්නායක පිලිබඳ පර්යේෂණ වල නිරත වී සිටියි. Here we interview Dr. Ranga Dias, an assistant professor at the University of Rochester, who disco…
  continue reading
 
එක්සත් රාජධානියේ Birmingham City විශ්වවිද්‍යාලයේ Smart Passive Textile පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය දිලුෂ රාජපක්ෂ සමග සංවාදය. In this episode, we talk to Dr. Dilusha Rajapaksha, a lecturer and a researcher from Birmingham City University, who does research on smart passive textiles. This is a fascinating research field that investigates textile and f…
  continue reading
 
ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව …
  continue reading
 
රසායණික අණු වලින් නිර්මිත තාර්කික ද්වාර (molecular logic gates) වල මූලික සිද්ධාන්ත, වෛද්‍ය හා අනුක ජීව විද්‍යාවේදී වැදගත් වන OPTI රුධිර ඉලෙක්ට්‍රෝලයිට හා වායු විශ්ලේෂකය හා ප්‍රතිදීප්ත PET සෙන්සරය ලොවට හඳුන්වා දීමේදී පුරොගාමී වූ මහාචාර්ය ඒ පී ද සිල්වා සමග කරන සංවාදය.www.ncastronomy.com--- Send in a voice message: https://podcasters.spotify.com/pod/s…
  continue reading
 
ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර…
  continue reading
 
පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු සමග සංවාදය. ඇය කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ postdoctoral researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදී (pharmacy) විශේෂ උපාධියක් ලබාගෙන කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයෙන් MSc සහ PhD උපාධි සම්පුර්ණ කර ඇත. --- Send in a voice message: https://podcas…
  continue reading
 
ලෝකයේ මයික්‍රෝ චිප නිපදවන ප්‍රධානතම ආයතනය වන ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය පුබුදු ගුණතිලක සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message
  continue reading
 
ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 2ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතා වන ආචාර්ය සඳුන් පෙරේරා සමග සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (F…
  continue reading
 
ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජාතික විද්‍යාගාරයේ (Jefferson National Lab) අංශු ත්වරක භෞතික විද්‍යාඥයෙකු (accelerator physicist) ලෙස සේවය කරන ආචාර්ය සුභාශිනී ද සිල්වා සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දොළොස්වන වැඩසටහනයි. --- Send in a voice message: https://podcasters.spotify.com/pod…
  continue reading
 
ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි.--- Send in a …
  continue reading
 
ඇමරිකාවේ කැලිෆෝනියාහි Biotechnology සහ Pharmaceutical උපදේශන ආයතනයක් වන Pixel Place Consulting ආයතනයේ සභාපති, ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය සුමේධ ජයසේන සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message
  continue reading
 
ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහවන podcast වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show…
  continue reading
 
ඇමරිකාවේ Utah විශ්වවිද්‍යාලයේ අධිශක්ති තාරකා භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ මහාචාර්ය, එමෙන්ම අමෙරිකාව් රණවිරු කටයුතු දෙපාර්තමේන්තුවේ (US Department of Vearan Affairs) ජ්‍යෙෂ්ට දත්ත විශ්ලේෂණ විද්‍යාඥ ආචාර්ය උදාර අබේසේකර සමග සංවාදය. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message…
  continue reading
 
ඇමරිකා එක්සත් ජනපදයේ Texas Tech University හි පර්යේෂණ කරන තාරකාභෞතික විද්‍යාඥවරියක් වන ආචාර්ය නිපුනි පල්ලියගුරු සමග සංවාදය.මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හත්වන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message…
  continue reading
 
නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හදාරන පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරී පසන් හේරත් සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හයවන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.sp…
  continue reading
 
CERN හි උප පරමාණුක අංශු විද්‍යාඥයෙක් ලෙස පර්යේෂණ කර පසුව Amazon ආයතනයේ ඉංජිනේරුවෙකු බවට පත්වූ ආචාර්ය වරුණ ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන පස්වන වැඩසටහනයි.www.ncastronomy.com--- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message…
  continue reading
 
ග්‍රහකයන් දෙකකට ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක නම් යොදා තමා නමින්ද ග්‍රාහකයක් නම් කර, ඇමෙරිකාවේ ඇරිසෝනාහි ග්‍රහවස්තු පිලිබඳ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ, ධුමකේතු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහවස්තු පිලිබඳ විශේෂඥ, ආදී නාලන්දීය ආචාර්ය නලින් සමරසිංහ සමග සංවාදය. මේ AstroTalks සජීවී සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්ස…
  continue reading
 
කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ගතිකමය පද්ධති වල සංඛ්‍යානමය ගුණ (statistical properties of dynamical systems) පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය කසුන් ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන තෙවන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spo…
  continue reading
 
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ. © www.ncastronomy.com --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastr…
  continue reading
 
මෙහිදී අප, -අභ්‍යවකාශ කාලගුණය යනු කුමක්ද? -අපට අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යද? -සූර්යයා පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට බාධා කරනවාද? - සූර්ය කුණාටු යනු මොනවාද? යන කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. In this episode we talk about -What is space weather? -Why do we need to study about space weather? -Does the Sun interrupt the earth’s comm…
  continue reading
 
This is the first episode of Astro Talks Podcast! In this episode we talk about the pathway to become a scientist with, Buddhika Sumanasekara, PhD - Director of Electrical Engineering, US Medical Innovations, LLC, United States of America and Ashan Ariyawansa, PhD Candidate, Institute of optics, University of Rochester, United States of America. © …
  continue reading
 
Loading …

Quick Reference Guide